ශ්රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහළට පැන තිබේ.
ඒ බව අසල තිබු සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.
තරුණයා සොයා මේ වනවිට ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් අද (20) උදෑසන සිට ශ්රී පාද උඩමළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර තිබේ.