Headlines

    දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදෙකලා බවින් ඉවතට – තවත් ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කෙරේ.

    කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම නිලයධාරී වසම් 8ක් සහ බණ්ඩාරගම අටලුගම ග්‍රාම නිලධාරී වසම් 2ක් ද මොණරාගල, බඩල්කුඹුර අළුපොත ග්‍රාම නිලධාරී වසම ද ඊයේ (21) සවස 6 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව,

    කාත්න්කුඩි පොලිස් වසම
    165 කාත්න්කුඩි ග්‍රාම නිලධාරී වසම 03
    165 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර
    165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
    166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02
    166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
    167 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
    167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
    167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර

    බණ්ඩාරගම , අටලුගම
    660 ඒ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම
    659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම

    මොනරාගල, බඩල්කුඹුර
    අළුපොත ග්‍රාම නිලධාරී වසම ඊයේ (21) සවස 6 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇත.

    තවද මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම ඊයේ (21) සවස 6 සිට හුදෙකලා කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *