Headlines

    පාස්කු ප්‍රහාරය ගැන හිටපු ඇමති සරත් කී කතාව

    පාස්කු ප්‍රහාරය සිදුකළේ මුස්ලිම් අන්තවාදීන් යැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජාත්‍යන්තර බුද්ධි අංශ තුනක් තහවුරු කර ඇතැයි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි.

    ගරු සිරිල් ගාමිණි පියතුමා ඊයේ (20) සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා,

    “ප්‍රහාරයේ වගකීම භාරගත යුත්තේ යහපාලන ආණ්ඩුවේ අය. එදා සහරාන්ව අත්අඩංගුවට ගන්න කිව්වා – ගත්තේ නැහැ. යහපාලන ආණ්ඩුව මුස්ලිම් ඡන්දවලට ගැති වුණා. JVP සාමාජිකයින් කාදිනල් හිමි හමුවෙන්න ගියා. JVP ය ඊබ්‍රාහිම්ගෙන් අහන්න ඕනේ මහමොළකරු ගැන. ඔහු ඒ ගැන දන්නවා ඇති. ඔහුගේ පුතුන් දෙදෙනා මරාගෙන මැරුණා. ඔවුන් නූගත් අය නෙමෙයි. සිංහල බෞද්ධ කෙනෙක් බලයට ගේන්න. ඔවුන් සිය ජීවිතය දෙයි කියලා මම හිතන්නේ නැහැ. ජාත්‍යන්තර බුද්ධි අංශ 3ක් මේ ගැන විමර්ශන කළා. ඔවුන් කිව්වා මහමොළකරු නවුෆර් මවුලවි කියලා ඔහු තවමත් සිරභාරයේ ඉන්නේ. නවසීලන්තයේ මුස්ලිම් බැතිමතුන් ඝාතනය කිරීම නිසයි. මෙරට කතෝලික පල්ලිවලට ප්‍රහාර එල්ල කළේ. ඔවුන්ට එරෙහිව දැඩි දඩුවම් දිය යුතුයි. ප්‍රමාදය තියෙන්නේ අධිකරණයේ. නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා 23,000ක් ගොනු කරලා. මහාධිකරණ12 මේ සම්බන්ධයෙන් විභාග සිදුවෙනවා. සිරිල් ගාමිණි පියතුමා කියපු දේ අලුත් දෙයක් නම්. CIDය ඒ ගැන විමර්ශනය කරයි. ඒ තොරතුරු දීමට ප්‍රමාදවීමත් ප්‍රශ්නයක්.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *