Headlines

    ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

    ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    පසුගිය ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හඳුනාගැනීමට නොහැකිවීම සම්බන්ධ වගකීම භාරගනිමින් ඔහු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ආරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත්තේ මේජර් ජනරාල් අහරෝන් හලිවා විශ්‍රාම ගිය බවය.

    ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ධුරයෙන් ඉවත් වූ පළමු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියා වන්නේ ද ඔහු බව වාර්තා වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *