Headlines

    අධිවේගේ පාලම යට අභිරහස් මළ සිරුරක්

    බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ග පාලම අසළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ.

    පොලීසිය ප්‍රකාශ කළේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

    මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බණ්ඩාරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. 

    අඩි 05යි අඟල් 4ක් පමණ උසැති ඔහු තලෙළු පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

    ඔහු උඩු කයට නිල්පාට අත්කොට කමිසයක් සහ තැඹිලි සහ දුඹුරු පැහැයට මිශ්‍ර සරමක් හැඳ සිට ඇති බව පොලීසිය පවසයි.

    බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *