Headlines

    සීගිරිය සහ දඹුල්ල ගැන වැඩි අවධානයක්

    සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    අදාළ ව්‍යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් ය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල අම‍ෙරිකානු ඩොලර් මිලියන 30ක් වන අතර ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක වේ.

    සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම අදාළ ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට නියමිතය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *