Headlines

    බක් පුර පසළොස්වක පොහොය අදයි

    බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

    ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස බක්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ.

    බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවුයේ ද අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

    චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම සමථයකට පත්කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ බක්පුර පසළොස්වක පොහොය දිනයක නාගදීපයට වැඩම කරනු ලැබීය.

    එහිදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ මහෝදර නාරජුගේ සහායට පැමිණි ඔහුගේ මයිලනුවන් වන මනිඅක්ඛිත නා රජු විසින් බුදුරජාණන් වහන්සේට කැලණිය වෙත වඩින මෙන් ආරාධනා කළේ ද අද වැනි පොහොය දිනයක බව වාර්තා වේ.

    සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වන මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *