Headlines

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-22) – ඊයේ ආසාදිතයින් 887 යි මරණ 02 යි

    අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 887 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 873 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 337 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 136 ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 329 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක් සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පිරිම් පුද්ගලයෙක් ලෙස වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 276 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (21) දිනයේ PCR පරීක්ෂණ 16,108 ක් මෙරට තුළ සිදු කර තිබේ.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 56,076
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 47,984
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 7,816
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 276

    https://www.hpb.health.gov.lk/ (Accessed jan-21-2021 12.00 p.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *