Headlines

    ඉරාන රැප් ගායකයා ට මරණ දඬුවම

    ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහාය දුන් බවට චෝදනා එල්ල වූ එරට ප්‍රකට රැප් ගායකයෙක් වන ටූමාජ් සලෙහි ට ඉරාන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් වාර්තා කළ එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ සලෙහි ට ඔහුට එරෙහිව ලබාදී ඇති දඬුවම ලිහිල්කර ගැනීමට අවස්ථාවක් ඇති බවයි.

    2022-23 කාලයේදී ඉරානයේ පැවති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සලෙහි ට චෝදනා එල්ලකර තිබූ බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.
     
    රටපුරා පැවති විරෝධතා සඳහා සහාය දක්වමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්දයෙන් සලෙහි ව 2022 ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගැනුණි.

    හිජාබ ය නිසි ආකාරයට පැළඳ නොසිටි බවට චෝදනා කර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු 22 හැවිරිදි මාෂා අමිනී පොලිස් අත්අඩංගුවේදී මිය යාමෙන් අනතුරුව එම උද්ඝෝෂණ ඇතිවිය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *