Headlines

    දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩබැලීමට එස්.එස් මුදලිගේ පත් කෙරේ

    පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ මහතා පත්කර තිබේ.

    දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා පසුගියදා හදිසියේ අභවප්‍රාප්ත වී තිබුණි.

    ඒ අනුව පුරප්පාඩුව පවතින එම තනතුර සඳහා සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තෙක් එහි රාජකාරී ආවරණය කිරීම සඳහා නව පත් කිරීම සිදුකර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *