Headlines

    මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කළමනාකාරීත්වය වසර 30ක කාලයක් සඳහා විදෙස් සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company යන සමාගම් වෙත එම ගුවන් තොටුපොළේ කළමනාකාරීත්වය පැවරීම සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ෂවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට 2023 වසරේ ජනවාරි මස 09 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබිණි.

    ඒ අනුව ආයතන 05ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර තිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙලෙස මත්තල ගුවන් තොටුපොළේ කළමනාකරණය ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකක් වෙත පැවරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *