Headlines

    දුප්පතාට බෙදන සහල් ටිකත් හොරකම් කළ හැටි

    මේ දිනවල ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනේදී විවිධ අක්‍රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබේ.

    අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් සඳහා සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට දිවයින පුරා සහල් බෙදීම සිදුකෙරේ.

    තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් කිලෝ 10 බැගින් බෙදාදීම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමිනි.

    මෙම සහල් නොමිලේ ජනතාවට ලබාදෙන නමුත් තංගල්ල, නෙටොල්පිටිය, වැලිපැන්න, ලාලිතපුර ගම්මානයේ ජනතාව චෝදනා කරන්නේ තමන්ට සහල් ලබාගැනීමට මුදල් ගෙවීමට සිදුවූ බවය.

    ඒ අනුව රුපියල් 20 සිට රුපියල් 150 දක්වා විවිධ ප්‍රමාණයෙන් මුදල් ගෙවීමට ඔවුන්ට සිදුව තිබේ.

    මේ අතර කන්තලේ අඩුආදායම්ලාභී ජනතාවට බෙදාදීමට නිල සෙවන ගොඩනැගිල්ලේ ගබඩා කර තිබූ සහල් තොගයකින් මිටි 20ක් කිසියම් අයෙකු විසින් සොරකම් කර තිබේ.

    අද (27) උදෑසන අදාළ ගොඩනැගිල්ලේ ජනේලය විවෘත කර ඇති අයුරු දුටු ප්‍රදේශවාසියෙකු ඒ බව ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරියට පවසා තිබුණි.

    කන්තලේ පොලීසියද පැමිණ අදාළ ස්ථානයේ විමර්ශන කටයුතු සිදුකළේය.

    කන්තලේ පොලීසිය සඳහන් කළේ කිසියම් අයෙකු කාමරයේ ප්‍රධාන දොරටුව කඩා ඊට ඇතුළු වී සහල් සොරාගෙන නොමැති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වන බවය.

    කෙසේවෙතත් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.

    මේ අතර හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් සඳහා ඊයේ ලබාදුන් සහල් පරිභෝජනයට නුසුදුසු බවට ජනතාව චෝදනා කරයි.

    මෙම සහල් අම්පාර ප්‍රදේශයේ සහල් මෝලක් විසින් ලබාදී තිබු අතර එම මළුවල කල්ඉකුත් වූ දිනය මත තවත් දිනයක් සහිත ලේබලයක් අලවා තිබූ බවද ජනතාව පැවසීය.

    කෙසේවෙතත්  හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් එම කල්ඉකුත්වූ සහල් වෙනුවට පරිභෝජනයට සුදුසු සහල් ලබාදීමට සහල් සැපයුම්කරුවන් කටයුතු කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *