Headlines

    ගුවන්තොටුපොළේදී වැරදීමකින් පිටවූ වෙඩිල්ල

    කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය ආසන්නයේ සේවයේ යෙදී සිටි ගුවන් භටයෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

    අද (30) උදෑසන 10ත් 11ත් අතර කාලයේදී සිදුවූ එම සිදුවීමෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඔහු පැවසීය.

    “එම ගුවන් භටයා විවේක ගන්නා ස්ථානයකට ගොස් වතුර බොන අවස්ථාවේදී ඔහුගේ ගිනි අවිය බිම වැටිලා උණ්ඩයක් පිටවුණා කියන එක තමයි ඔහු කියන්නේ.”

    එම අවස්ථාවේදී පිටවූ උණ්ඩය අසල ගොඩනැගිල්ලක ඉහළ ස්ථානයක වැදී තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *