මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඒ බව සඳහන් කළේය.
සිඟමන් යදින පිරිස් සඳහා මුදල් ලබාදීමෙන් වැළැකී සිටියහොත් ඔවුන් එම ස්ථානයන් වෙත නොපැමිණෙන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.