ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කෝවිෂීල්ඩ් එන්නත සඳහා ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය අනුමත කිරීම ඉන්දියාව විසින් පිළිගෙන තිබේ. නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින දැනටමත් අසල්වැසි පළමු ප්‍රතිපත්තියට සමගාමීව ඉන්දියාවේ COVID-19 එන්නත් ප්‍රදාන ආධාර යටතේ ලබාගෙන ඇත.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත හදිසි ලෙස භාවිතා කිරීම සඳහා ජාතික නියාමන අධිකාරිය විසින් නියාමන අවසරයක් ලබා දී ඇති බව මීට පෙර සිකුරාදා(22), ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසීය. ඉන්දියාවෙන් එන්නත මිලදී ගැනීමේ ගිවිසුම පිළිබඳව පැහැදිලි කිරීම් ලබාගෙන ඇති බව නීතිපති කාර්යාලය නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකාව සහ භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස්, ඇෆ්ගනිස්ථානය සහ මොරිෂස් යන රටවල් හත සඳහා COVID-19 එන්නත් ප්රදානය කරනු ලබන බව ඉන්දියාව මේ සතියේ නිවේදනය කළේය. අවශ්‍ය නියාමන නිෂ්කාශන තහවුරු කිරීමෙන් පසු ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මොරිෂස් වෙත සැපයුම් ආරම්භ කරන බව ජනවාරි 19 දා ප්‍රකාශ කර තිබේ. ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හි කෝවිෂීල්ඩ් නිෂ්පාදනය කරනු ලබන්නේ සේරම් ආයතනය වන අතර, කෝවාක්සින් මාත්‍රාව භාරත් බයෝටෙක් විසින් නිෂ්පාදනය කරනු ලැබේ. මෙම අනුමැතිය ලැබුණේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් සිකුරාදා (22) COVID-19 ප්‍රතිශක්තිකරණ අත්හදා බැලීම් සිදුකරන බව ප්‍රකාශ කරමිනි.
උපුටා ගැනීම – https://www.news18.com/news/india (Accessed jan-23-2021 9.00 a.m IST)