Headlines

    ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

    1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්කරකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරයි.

    කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කරයි.

    මෙවරත් කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලි රැස්වීම් අද දිනයේ සංවිධානය කර තිබුණි.

    ඒ අනුව දිවයින පුරා රැළි සහ පෙළපාලි 40ක් ද, මැයි දින සැමරුම් උත්සව 19ක් ද මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *