Headlines

    සයිනොපෙක් මිලත් වෙනස්වෙයි – සංශෝධිත මිල ගණන් මෙන්න

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද පහළ දැමීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 365කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 420කි.

    එසේම රුපියල් 27කින් ඔටෝ ඩීසල් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 333කි.

    සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 9කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 377කි.

    මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පියවර ගෙන තිබුණි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368 කි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 420කි.

    සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 333කි.

    එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින්ද පහළ දමා ඇති අතර  එහි නව මිල රුපියල් 377කි.

    භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215කි.

    මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව පහළ දමන බව නිවේදනය කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *