අද දින (23) එන්නත් කිරීමේ අභ්‍යාස කොළඹ තදාසන්න ප්‍රදේශ දෙකක් වන පිලියන්දල ප්‍රාදේශිය රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ රාගම ශික්ෂණ රෝහල යන ස්ථාන වල දී සිදු මෙම පෙරහුරු සිදු කෙරෙන බව සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය. කොරෝනා වෛරසය මේ වන විට පුද්ගලයින් 278 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තහවුරු වූ රෝගීන් 56,863 ක් වාර්තා වී තිබේ.
දෙවන කොවිඩ් රැල්ලේ කොටසක් වන පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු මුළු රෝගීන් 52,000 කට වඩා වාර්තා වී ඇති බව සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය. පසුගිය දින (21) තුළ නව රෝගීන් 887 ක් වාර්තා වී ඇති අතර එය දෛනික කොවිඩ් වාර්තා වීම් වලින් වැඩිම සංඛ්‍යාවක් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.