අද දින (23) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 787 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 3 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගයින් වන අතර සෙසු 784 දෙනා දේශීයව හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (22) දේශීයව හදුනාගත් ආසාදිතයින් 784 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙක් සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක් ලෙස වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 278 දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 56,863
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 48,617
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 7,968
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 278
https://www.hpb.health.gov.lk/ (Accessed jan-23-2021 11.00 a.m IST)