Headlines

    අධික උෂ්ණත්වය නිසා ආසියානු කලාපයේ සිදුවන විපර්යාස

    ආසියානු කලාපයේ රටවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් නැගෙනහිර ඉන්දීය ජනතාවට දරුණු ජල හිඟයකට මුහුණ දීමට සිදුවී තිබේ.

    ගෙවුණු අප්‍රේල් මාසය වාර්තා අතරට එක් වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවෙන් 1901 වසරෙන් පසුව වාර්තා වූ වඩාත්ම උණුසුම් අප්‍රේල් මාසය ලෙසය.

    ඉන්දියාවට බලපා ඇති මේ තාප තරංග කාලගුණ නිසා මේ වනවිට පුද්ගල මරණ 9ක්ද වාර්තා වී තිබේ.

    බංග්ලාදේශයටත් සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණාධික කාලගුණයක් වාර්තා වී ඇති අතර එය වාර්තා අතරට එක්වී ඇත්තේ දශක 7කින් එරටට බලපෑ දරුණුතම තාප තරංග කාලගුණය ලෙසය.

    තායිලන්තයෙන් ද උෂ්ණාධික කාලගුණයක් වාර්තා වන අතර එහි බලපෑමෙන් පුද්ගල මරණ 30ක්ද වාර්තා වී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *