Headlines

    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන හිටපු ජනාධිපති කී දේ

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා දිනන අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඊයේ (03) කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

    එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය මේවන තෙක් ඉල්ලා නොමැති බවද ඔහු එහිදී සඳහන් කළේ ය.

    මේ අතර මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තව කල් සිටිය යුතු බවය.
    “තරුණ නායකත්වය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා ද පොහොට්ටුවේ ?

    “තරුණ වෙන්න පුළුවන් මධ්‍යම වෙන්න පුළුවන් දින්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.”

    නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සුදුසු ද? ඔබතුමා බලාපොරොත්තු වෙනවා ද? 

    “මම බලාපොරොත්තු වෙන්නේ නෑ පක්ෂයෙන් තීන්දු කරන්නේ.”

    එතුමා සුදුසු ද ?

    “එයා ටිකක් වෙලා ඉන්න ඕනේ.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *