Headlines

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුබ ආරංචියක්

    ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි.

    නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

    ඒ අනුව ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරගයකින් අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමිවන අතර එය ශ්‍රි ලංකා මුදලින් රුපියල් ලක්ෂ 44කට ආසන්න වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *