ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.

දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සමස්ත ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේඛම් ජගත් චන්ද්‍රලාල් මහතා පවසා සිටියේ, මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන සියලු සංගම්වල සහාය ලැබී ඇති බවය.

“ඉවසුවා ඇති” යන තේමාව යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තමන්ගේ ගැටලු පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *