Headlines

    ඉරාන න්‍යෂ්ටික අර්බුදයට ප්‍රබලයින් දෙදෙනෙක් මැදිහත් වෙයි

    චීන ජනාධිපති ෂී ජින් පිං ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක්  පැරිස් නුවර Élysée මාලිගයේදී  පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ප්‍රංශය සමග උපායමාර්ගික අදහස් හුවමාරුව අඛණ්ඩව පවත්වා ගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව එහිදී ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර තිබේ. 

    ප්‍රංශය සමග ද්විපාර්ශ්වීය වෙළෙඳාම ධනාත්මක හා සමබරව වර්ධනය කිරීමට ද චීනය බලාපොරොත්තු වන බවද චීන ජනපතිවරයා පවසා තිබේ. 

    වර්තමානයේ ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම හා කණ්ඩායම් එදිරිවාදිකම් වැළැක්වීම සඳහා දෙරට අතිශයින් වැදගත් කාර්යභාරයන් ඉටු කරන බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

    මෙහිදී නායක දෙපළ යුක්‍රේන අර්බුදය හා පලස්තීන-ඊශ්‍රායල ගැටුම ඇතුළු පොදුවේ සැලකිල්ලට ලක් කළ යුතු ජාත්‍යන්තර හා කලාපීය ගැටලු පිළිබඳව ද අදහස් හුවාමරු කර ගත් බව වාර්තා වෙයි.

    එම හමුවෙන් අනතුරුව ජනාධිපතිවරු දෙදෙනා නිකුත්කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ ඉරාන න්‍යෂ්ටික අර්බුදයට දේශපාලනික එකඟතාවයක් ඇතිකිරීම සඳහා දෙරට කැපවී සිටින බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *