Headlines

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-24) – ඊයේ ආසාදිතයින් 724 යි මරණ 280 දක්වා ඉහල යයි.

    අද දින (24) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 724 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 09 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිත පුද්ගයින් වන අතර සෙසු 715 දෙනා දේශීයව හදුනාගත් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (23) දේශීයව හදුනාගත් ආසාදිතයින් 715 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක් ලෙස වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහල ගොස් ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 57,587
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 49,261
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 8,046
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 280

    https://www.hpb.health.gov.lk/ (Accessed jan-24-2021 11.00 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *