Headlines

    මගේ කාර්යභාරය දැන් අවසන් වෙමින් යන්නේ -ජනපති

    මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ කාර්යභාරය දැන් අවසන් වෙමින් පවතින අතර දැන් අප ඊළඟ පියවර පිළිබඳ  අවධානය යොමුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවති ශ්‍රී ලංකා දේශගුණික සමුළුවට එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

    “ජනාධිපතිවරයා ලෙස මගේ කාර්යභාරය තමා ආර්ථිකය යළි ප්‍රතිස්ථාපනය කිරීම. තවත් ආකාරයකින් කියනවා නම් ආර්ථිකය ස්ථාවර කිරීම. එම කාර්යභාරය දැන් අවසන් වෙමින් පවතින්නේ. දැන් අප ඊළඟ පියවර ගැන අවධානය යොමුකළ යුතුයි. අපිට මේ ආර්ථික මොඩලය ඔස්සේ ඉදිරියට යා නොහැකියි. ශ්‍රී ලංකාවට නියත වශයෙන්ම පුනර්ජනනීය බලශක්තියේ විශාල හැකියාවන් පවතිනවා. ඉන් එක් අංශයක් තමයි සුළං බලශක්තිය. දැන් අපි සොයා බලනවා සුළං බලශක්ති ව්‍යාපෘති නිසා මන්නාරම දිස්ත්‍රික්කයේ පක්ෂීන්ට යම් බලපෑමක් සිදුවන්නේද යන්න. 

    අපිට විශ්වාසයි අපට එම පළාතේ වන ජීවින්ට තිබූ හානියක් සිදුනොකර එම බලශක්තිය උත්පාදනය කළ හැකි බව. හම්බන්තොට සූර්ය බලශක්තිය පිළිබඳ උද්යෝගය ආරම්භ වූවා පමණයි.

    අප බොහෝ දුර යායුතු වුවත් මම ඉන්දීය අගමැති මෝදී සමග නිකුත් කළ ඉදිරි දැක්ම ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවට බලශක්තිය විකිණීමද ඇතුළත්.

    දැන් අපි ඒ සඳහා ග්‍රිඩ් සබඳතාවය ඇති කරන්න එකඟවී තිබෙනවා. අදානි සමූහය සමඟ ඒ සඳහා පළමු එකඟතාවය මීට දින කිහිපයට පෙර සම්පූර්ණ කළා.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *