Headlines

    විශ්‍රාම ගැනීම ගැන තීරණයක් නෑ -චමරි

    තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේද? නැත්ද? යන්න සම්බන්ධයෙන් කතා කිරීමට මෙය සුදුසු අවස්ථාව නොවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය.

    එසේම ඒ සම්බන්ධයෙන් තමා තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ඇය කීවාය.

    “සමහර විට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම ඒ ගැන තවම තීරණය කර නැහැ…”

    ඇය පවසන්නේ එළඹෙන 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය හොඳින් කිරීම කණ්ඩායමේ අරමුණ බවයි.

    එළඹෙන කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තම කණ්ඩායම ඉතා සතුටට පත්වන බවද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය.

    පසුගියදා ඩුබායි හි පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුවෝය.

    ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) උදෑසන මෙරටට පැමිණියේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *