සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.
ඒ අනුව එම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා කඩිනමින් වාර්තාවක් සකස් කර ලබා දෙන ලෙස එම කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරියට නිර්දේශ කර ඇත.
එම ලබාදෙන වාර්තාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව කෝප් කමිටුව මෙහිදී පෙන්වා දී තිබේ.
2023 වසරේ නොවැම්බර් මස 09 දින පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් නිකුත්කරන ලද නියෝග සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කර ඇති බව සඳහන් ය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
