දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10) ඉන්දියාවට පැමිණීමට නියමිතය.
අද සිට 15 වනදා දක්වා දකුණු ආසියානු කලාපය තුළ රැඳී සිටින ඔහු ඉන්දියාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඔහුගේ සංචාරයේ අරමුණ එක් එක් රටවල් සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමය.
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ආර්ථික වර්ධනය සඳහා අමෙරිකාවේ සහාය යළිත් තහවුරු කරනු ඇති බවද සඳහන් වෙයි.