Headlines

    මහ බැංකු අධිපති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.

    අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ.

    එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවය.

    ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් මහතා වෙත දැනුම් දුන් බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *