උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වාදෙන්නේ ඇතැම් චර්ම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යය බවය.
“ඇඳුම්වලින් ආවරණය නොවූ ස්ථාන මත දැඩි හිරු රැස් පතිතවීම නිසා ඒ නැත්වල සමේ කැසීමක් සහිත ලප ඇතිවෙන්නේ පුළුවන්. කුඩා දරුවන්ගේ මුහුණේ ඇති වෙන්න පුළුවන්… සුදු පාට ලප. විශේෂයෙන්ම කම්මුල්ලවල උඩ ප්‍රදේශයේ, ඇස් වටේ තරමක් පහළින්.”
“දිලීර ආසාදන ද අපි සුලබ වශයෙන් දකිනවා. ඇත්තටම දිලීර ආසාදන ලොකු ගැටලුවක් වන තත්ත්වයට අපි දකිනවා. කිසිම ආකාරයකින් බෙහෙත් වගේ දේවල් කරන්න යන්න එපා. වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවන්න. මොකද පවතින රෝග තත්ත්වයන්ගේ වැඩිවීමකුත් දකින්න පුළුවන්.”