Headlines

    රත්‍රං බවට සැක පුරාවස්තු තොගයක් නිවසක

    කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ‍ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පුත්තලම පොලිස්  කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව පසුගිය 11 වනදා සිදුකළ සොදිසි මෙහෙයුමක දී රත්‍රං බවට සැකකෙරෙන මෙම  පුරාවස්තුන් සොයාගෙන තිබුණි.

    පොලීසිය පැවසුවේ මෙම පුරාවස්තු නිවසේ සූක්ෂමව සඟවා තිබීය දී සොයා ගත් බවය.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු සහ පුරාවස්තු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත  භාරදී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *