Headlines

    ඇඹුල්දෙණියගෙන් විශිෂ්ට පන්දුයැවීමක් – එංගලන්ත කණ්ඩාමේ පළමු ඉනිම ලකුණු 344කට සීමාවෙයි

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හතරවැනි දිනටත් අද (25) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ඊයේ (24) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කිරීමට සමත්විය. ඒ මෙම තරඟයේ දී ලකුණු 132කට කඩුලු 07ක් දවා ගනිමිනි. මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5 සීමාව පසු කළ තුන්වැනි අවස්ථාවයි.

    ඊයේ (24) පැවති තරඟයේ තෙවන දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339කි. දිල්රුවන් පෙරේරා අද (25) එංගලන්ත අවසන් කඩුල්ල දවාගැනීමට සමත්වීමත් සමඟ එංගලන්ත පළමු ඉනිම ලකුණු 344කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    පළමු ඉනිමේ දි ලකුණු 381ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා ලකුණු 126 ක් ලබා සිටී. මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 19 කි.

    ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 145 ක් ජයග්‍රාහී ඉලක්කයක් පවතී.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *