Headlines

    විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබාදීමට ලංවිම උපයෝගීතා කොමිසමෙන් කල් ඉල්ලයි

    විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට (17) දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගනු ලැබීය.

    එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේය.

    ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක් සිදුකිරීමට කටයුතු කළේය.

    යෝජනා ඉදිරිපත් කිරීමට හෙට දිනය දක්වා කාලය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් සිදුකළ බව මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේය.

    අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කෙරෙන අතර විදුලිබිල අඩු කිරීමේ ප්‍රතිශතය ජූලි මාසයේදී ප්‍රකාශ කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *