මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයේ විභාග ශාලාවකදී විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට තම ප්‍රශ්න පත්‍රය අයෙකු ලවා කියවා ලබාදෙන පිළිතුර ලිවීමට අවසර ලබාදී තිබියදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය දෙවැනි කොටස සඳහා එම පහසුකම අවහිර කළ බවට චෝදනා කරමින් අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.
එමෙන්ම, කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ විභාග ශාලාවකදී ද විශේෂ අවශ්‍යතා සහිත දැරියකට එම පහසුකම යටතේ විෂයයන් 4කට පෙනීසිටීමට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලැබී තිබුණි.
ඒ අනුව විදුහල්පතිනිය කර තිබූ ඉල්ලීමට අනුව නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා විසින් විභාග ශාලාධිපතිවරයාට අදාළ සහනයන් ඇතුළත් ලිපියක්ද යොමුකර තිබුණි.
කෙසේවෙතත්, එම දැරියට ද ප්‍රශ්න පත්‍ර හතරටම එම පහසුකම් යටතේ පෙනීසිටීමට විභාග පරීක්ෂකවරු අවස්ථාව ලබානොදුන් බවට චෝදනා කරමින් ඇයගේ මව්පියන් අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.