ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ගැන ගම්මන්පිල ගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කරයි.

අමෙරිකාවේ විදේශ කටයුතු පිළිබඳ සෙනට් කාරක සභාවේ සභිකයින් එළිසබෙත් හොස්ට් මහත්මියට යොමුකළ ප්‍රශ්නවලට ඇය ලබාදුන් පිළිතුරු රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඇය සෙනට් කාරක සභාවේ සභිකයින් විසින් සිදුකළ විමසීම් හමුවේ ලබාදුන් ප්‍රකාශ මේ වනවිට අන්තර්ජාලයට යොමුකර තිබේ.

ඒ තුළ ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය, ජාත්‍යන්ර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාම, මෙරට විදේශ ප්‍රතිපත්තිය, විදෙස් නෞකා හා වරායන් සම්බන්ධ කරුණු ඇතුළු රජය සමග නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වු අදහස් රැසක් එළිසබෙත් හොස්ට් මහත්මිය සෙනට් කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.

ඇයගේ මෙම කරුණු දැක්වීම සම්බන්ධයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *