පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අධික වර්ෂාව, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 47 දෙනෙකු පීඩාවට පත්වී ඇති අතර නිවාස 11කට අර්ධ හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 04කට හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 21 දෙනෙකු පීඩාවට පත්වී තිබේ.
කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් නිවසකට අර්ධ හානි සිදුවී ඇති බව සඳහන්ය.
මේ අතර ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවධානයෙන් පුවන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.
තවද පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් ද බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා නිකුත් කෙරුණි.
එම අනතුරු ඇඟවීමේ නිවේදන අද (18) ප.ව. 4:00 සිට හෙට (19 ) ප.ව. 4:00 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
හල්දුම්මුල්ල
හපුතලේ
හාලිඇල
බදුල්ල
මහනුවර දිස්ත්‍රික්කය:
යටිනුවර
උඩපලාත
උඩුනුවර
ගග ඉහළ කෝරළය
පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
යටියන්තොට
මාවනැල්ල
දෙහිඹ්විට
බුලත්කොහුපිටිය
ගලිගමුව
වරකාපොළ
කෑගල්ල
දැරණියගල
රුවන්වැල්ල
රත්නපුර දිස්ත්‍රික්කය:
බලංගොඩ
රත්නපුර
ඉඹුල්පේ
කලවාන
කිරිඇල්ල
කුරුවිට
ඇහැළියගොඩ
අයගම
ඇලපාත