අද දින (26) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 737 දෙනෙකු හදුනාගෙන ඇති බවත් එම සියළු පුද්ගලයින් දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (25) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 227 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 96 ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 04 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ දැරණියගල, වරකාගොඩ, පූජාපිටිය සහ බේරුවල යන ප්‍රදේශවලින් බව වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 287 දක්වා ඉහල ගොස් ඇත. මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 59,167ක් දක්වා ඉහළ යද්දී සුවය ලැබූ සංඛ්‍යාව ද 50,337ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ (25) දිනයේ PCR පරීක්ෂණ 14,799ක් මෙරට තුළ සිදු කර තිබේ.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 59,167
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 50,337
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 8,543
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 287
https://www.hpb.health.gov.lk/ (Accessed jan-26-2021 11.30 a.m IST)