Headlines

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    අද (19) පෙ.ව 8.30 සිට එම නිවේදනය නිකුත් කර තිබේ.

    එම නිවේදයේ දැකවෙන්නේ, බස්නාහිර සහ වයඹ පාළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවය හැකි බවය.

    එමෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

    මේ අතර වර්ෂාවත් සමඟ ජලාශ සහ ගංගාවල ජල මට්ටම්ද මේ වන විට ඉහළ යමින් පවතී.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගඟ, මහවැලි ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟ ආශ්‍රිත පහත්බිම් ගං වතුර අවදානමට ලක් විය හැකි බවය.

    එමෙන්ම දැඳුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, බෙන්තර ගඟ, කිරම ඔය, ඌරු බොකු ඔය, කලා ඔය, මල්වතු ඔය ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්ද ගංවතුර අවදානමකට මුහුණ පා තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *