නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදි කරන නව අධිවේගී මාර්ගයක් ඉදි කිරිම සඳහා මහා මාර්ග අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමතකර තිබේ.
ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇති අතර ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ පදනම (BOT) මත එම ව්‍යාපෘතිය 100% විදෙස් අරමුදල් සහිතව කිරීමට නියමිතය.
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ඉදිවෙමින් පවතින කණු මත ඉදිකරනු ලබන වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය ඔස්සේ මෙම ඉදි කිරීම සිදු වෙනු ඇති බව වැඩිදුර ආරංචි මාර්ග කියා සිටී.