Headlines

    සහන පොලී යටතේ ණය දීමේ වැඩසටහනක් රජයෙන්

    විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ, කර්මාන්තකරුවන් වෙනුවෙනි. 
     
    මේ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය.

    කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    විශේෂයෙන් මෙහිදී 7%, 8% වැනි සහන පොලී මත ණය ලබාදීමට කටයුතු කරන බවද වාර්තා විය. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *