Headlines

    ඊශ්‍රායලයෙන් තවත් ප්‍රහාරයක්

    ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

    එම ප්‍රහාරයෙන් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් සිටින බව එම වාර්තා වල දැක්වෙයි.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ රෆා ප්‍රදේශයේ හමාස් ඉලක්කයක් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවය.

    නමුත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල හමුදාව විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දකුණු ගාසා තීරයේ රෆා නගරයේ අවතැන්වූවන් සඳහා නම් කරන ලද ප්‍රදේශයකට බවය.

    කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් හමුදාව රෆාහි හමාස් සංවිධානයේ කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරය “නිරවද්‍ය බුද්ධි තොරතුරු මත” සිදුකළ බවත්ය. 

    ඊයේ (26) හමාස් සංවිධානය විසින් රෆාහි සිට ටෙල් අවීව් නගරය දෙසට රොකට් ප්‍රහාර අටක් එල්ල කර තිබුණි.

    එම ප්‍රහාරය ජනවාරි මාසයෙන් පසු එල්ල කළ එවැනි පළමු ප්‍රහාරය බවද සඳහන් වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *