Headlines

    වතු ගැන ජනපති ගෙනා විශේෂ යෝජනාවට අනුමැතිය

    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    එම හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමටත් ජනාධිපතිවරයා සිය යෝජනාව මගින් කරුණු ඉදිරිපත් කර ඇත.

    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවල හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිසි පරිදි නොපියවීම හේතුවෙන් විවිධ පළාත්වල අධිකරණයන්හි නඩු 2,000කට අධික ප්‍රමාණයක් විභාග වෙමින් පවතී. 

    එකී හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා එම ආයතනයන්හි ඉපයීම් ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා අවශ්‍ය මුදල් ණය මුදලක් වශයෙන් මහා භාණ්ඩාගාරය විසින් ලබා දී එම ආයතනවල ඉපයීම්වලින් අදාළ ණය මුදල කොටස් වශයෙන් නිරවුල් කිරීම යෝග්‍ය බව හඳුනාගැනීමෙන් අනතුරුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *