Headlines

    වෙළෙඳපොළ පොලි අඩුකළ යුතුයි – ශ්‍රී ලංකා මහ බැංකුව

    වෙළෙඳපොළ පොලි අනුපාතික අඩුකිරීම සඳහා තවදුරටත් අවකාශ පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එම අඩුකිරීම අනිවාර්යෙන්ම ඉතා ඉක්මණින් වෙළෙඳපොළ පාරිභෝගිකයින්ට මූල්‍ය ආයතන විසින් ලබා දෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු බලධාරීන් පැවසීය.

    මේ අතර අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මූල්‍ය ආයතන එම අගයන් අඩුකර තිබුණ ද නමුත් එම අගයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලි අනුපාතික අඩුකිරීම හා සමාන ලෙස අඩුකර නොමැති බවයි.

    “අලුතෙන් නිකුත්කරන ණය සඳහා පොලිය අඩුවිය යුතුයි. මේ වනවිට නිකුත්කර ඇති ණය සඳහා සිදුකළ යුතු වෙනස හිමින් සිදු වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි විමසිල්ලෙන් ඉන්නේ. එසේම අලුත් ණය නිකුත් කිරීම් ද වැඩි පොලියකට වෙන අවස්ථා දකිනවා. නමුත් එය සිදු නොවිය යුත්තක්. එම වෙනස ඉක්මණින් සිදුවෙතැයි අපි අපේක්ෂා කරනවා…”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *