2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ තරුණයෙකු, ප්‍රංශ ආරක්ෂ අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
තවත් සති කිහිපයකින් ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළ 18 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
ඒ, ප්‍රංශයේ සොන්ත් එතියැන් නගරයේදීය.
ඉස්ලාම් දැඩි මතධාරීන් සමග සංකේතාත්මක පණිවුඩ හුවමාරු කරගෙන ඇති සැකකාර තරුණයාගේ දුරකථනයේ සහ පරිගණකයේ තිබී ක්‍රීඩාංගණයේ ඡායාරූප සහ වීඩියෝ සොයාගත් බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර ඇත.
පැරිස් ඔලිම්පික් උළෙලේ පාපන්දු තරග කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇති සොන්ත් එතියැන්හි ජෝෆුආ ගිෂා පාපන්දු ක්‍රීඩාංගණය ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කිරීම සැකකරුගේ සැලසුම වී තිබූ බව සඳහන් වෙයි.
ප්‍රංශයේ අභ්‍යාන්තර කටයුතු අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රේක්ෂකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ද ඉලක්ක කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැකකාර තරුණයා සූදානමින් සිටි බවය.
අන්ත ඉස්ලාමීය මතවාදී අයෙකු බවට පැවසෙන චෙච්නියා සම්භවයක් ඇති තරුණයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නොමැති අතර ත්‍රස්ත කුමන්ත්‍රණ චෝදනා යටතේ ඔහු රඳවා තබාගෙන ඇති බව වාර්තා වෙයි.
පැරිස් ඔලිම්පික් උළෙලේ ආරක්ෂාවට හමුදා සොල්දාදුවන් 20,000ක් සහ පොලිස් නිලධාරීන් 40,000ක් මෙන්ම විදෙස් රටවල හමුදා සහ පොලිස් නිලධාරීන් 2,000ක් පමණ යොඳවා තිබේ.