අද දින (29) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 892 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 852 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (28) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 298 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 203 ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 309 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 07 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ 06 පුද්ගලයින් දෙදෙනෙකු, නිට්ටඹුව, රත්නපුර, කොළඹ 13, සහ එඩේරමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 297 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (28) දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 19,420 කි.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 61,586
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 54,435
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 6,854
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 297
https://www.hpb.health.gov.lk/ (Accessed jan-29-2021 9.00 a.m IST)