Headlines

    අමෙරිකාවට සුපිරි ජයක්

    20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩා කණ්ඩායමට එරෙහිව අද (02) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්විය.

    ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Aaron Jones පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 94ක් රැස්කළේය.

    Andries Gous නොදැවී ලකුණු 65ක් රැස්කරගත්තේ පන්දු 46කදීය.

    පන්දු යැවීමේදී කැනඩාව වෙනුවෙන් Kaleem Sana, Dilon Heyliger සහ Nikhil Dutta එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *