ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් සහ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද (02) පැවැත්වීමට නියමිතව තිබේ.
පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 02ට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම රැස්වීම් පැවැත්වෙන බව පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
කෙසේවෙතත් අද පවත්වනු ලබන රැස්වීම් නීතිවිරෝධී සහ විනයවිරෝධී බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.