Headlines

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීමක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

    අද උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 152ක වර්ෂාවක් ලැබී ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයටය.

    එම කාලසීමාව තුළ වරකාපොළ ප්‍රදේශයට මිලිමීටර් 138.5ක වර්ෂාපතනයක්, වතුපිටිවල ප්‍රදේශයට මිලිමීටර් 122.5ක වර්ෂාපතනයක්, අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර් 98.5ක වර්ෂාපතනයක්, රත්නපුර ප්‍රදේශයට මිලිමීටර් 96.2ක් වර්ෂාපතනයක් ලැබී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *