Headlines

    කොඩිඩ් එන්නත්කරණය අද රෝහල් 6කදී

    ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා මර්දනඑන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ඇරඹේ. අනතුරුව එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

    ඒ අනුව කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල්, මුල්ලේරියාව , හෝමාගම යන රෝහල් සහ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනවලදී එන්නත්කරණ කටයුතු අද (29) උදෑසන 9 සිට සිදු කෙරෙමින් පවතී.

    මෙරට පළමු කොවිඩ් එන්නත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට ලබාදීමට පියවර ගත්තේය. එය ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේ ය.

    කෙසේවෙතත් එම එන්නත ලබාදීම සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් හදුනාගත් ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *